ඕනෙම programming language එකක් මුල ඉදන් ඉගෙන ගනිද්දි අපි මුලින් ම ලියන program එක තමයි Hello World. මේ program එකෙන් කරන්නෙ "Hello World...!" කියන වාක්‍යය console ඒකේ ඒහෙමත් නැත්නම් standard output ඒකේ print කරන එක.
ඇත්තටම program එකකින් කරන්නෙ අපි දෙන මොනව හරි input එකකට අදාළව output එකක් දෙන එකනෙ. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ output එක ගන්නෙ කියල.
pythonවලින්, "Hello World" program එක run කරල බලන්න විධි දෙකක් තියෙනවා. ඒකක් තමයි කෙළින් ම console එකේ code එක ලියල output ඒක ගන්න ඒක. අනිත් එක තමයි python script එකක් ලියලා ඒක run කරන එක. අපි මේ විධි දෙකටම "Hello World" ලියල බලමු.
Method 1
1. මුලින් ම command prompt එක open කරන්න.
2. python කියන command එක type කරල enter කරන්න.
3. දැන් "print("Hello World...!")" කියල type කරල enter කරන්න.
එච්චරයි. හරිම සරළයි නේද python?
"print "Hello World...!" කියල type කරලත් මේ output එකම ගන්න පුළුවන්.
Method 2
1. ඔයා කැමති text editor එකක් open කරන්න. ( මම නමි ගොඩක් කැමති Notepad++ වලට. windows වල තියෙන notepad.exe වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගැටළුවක් නෑ. නමුත් ඒකේ functionalities ගොඩක් අඩුයි. ) ඒ text editor එකේ මේ code එක type කරන්න.
2. file එක save කරද්දි "hello_world.py" කියල නම දෙන්න.
file එක close කරල ඒකෙ icon එක පහළ රූපයේ වගේ පේනව නම් ඒක double click කරන්න. නැත්නම් right click කරල open with තෝරන්න. අදාළ application එකට python.exe ඒක තෝරන්න.
ඔයාට මොහොතකට දකුණු පැත්තෙ output එක පෙනෙයි. ඒක හොදටම බලාගන්න ඕනෙ නම් code එකේ අගට මේ line එකත් add කරන්න.
print "Hello World...!"
raw_input()
දැන් output එක ඔයා key එකක් ඔබල input එකක් දෙනකම් hold වෙලා තියෙනවා.
මේ code එක නැත්කම් script එක run කරන්න තව විධියක් තියෙනවා.
command prompt එක open කරල script එක save කරපු location එකට යන්න. ඔයා හරියටම එතනට ගියා නම් "dir" command එක ගැහුවම ඔයාගෙ script එකේ නමත් list එකට එන්න ඕනෙ.
දැන් "hello_world.py" කියල type කරල enter කරන්න.
හරි දැන් අපිට python code එකක් ලියන්න පුළුවන්. ඒත් ඇත්තටම මොනාද මේ ලිව්වෙ ?
print කියන්නෙ python function එකක්. ඒකට pass කරන ඕනෙම string argument එකක් එයා standard output ඒ කියන්නෙ console එකට print කරනවා.ඉලක්කමක් වුණත් එයා print කරනවා. raw_input method එකෙන් කරන්නෙ input එකක් ලැබෙනකම් program එක wait කරන එක.
අදට ඒ ඇති. මේ function දෙක දැනට හොදට පුරුදු වෙන්න. මම ඊළග පාඩමෙන් තව program එකක් ලියන්න කියල දෙන්නම්. මේ ටිකේ මොනා හරි ගැටළුවක් තියෙනම් comment එකකින් අහන්නකො.
Thursday, December 18, 2014
Wednesday, December 17, 2014
Python Install කරමු.
Python install කරගන්න එක හරිම ලේසි වැඩක්.මුලින් ඔයාගෙ machine එකේ python දැනටමත් install කරලා තියෙද කියල බලන්න ඕනේ. මොකද දැන් සමහර Operating systemවල python install කරලම තියනෙ නිසා.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. මුලින් ම, command prompt එක open කරලා python --version කියලා type කරන්න. එතකොට machine එකේ දැනටමත් python install කරල තියෙනවා නම් ඒ python installation එකේ version එක ඔයාට බලාගන්න පුළුවන්.
හරි. දැන් එහෙම බැලුව ම ඔයාගේ machine එකේ python install කරලා නැත්නම් මොකද කරන්නෙ?
අපි python install කරමු.
මුලින් ම මේ link එකට ගිහින් python 2.7 version එක download කරගන්න. මම ම්‍ෙ පාඩම් වලට පාවිච්චි කරන version එක තමයි ඒ. version එක වෙනස් වුණා කියල ලොකු වෙනස් කමක් වෙන්නෙ නෑ.
ඔයා පාවිච්චි කරන machine එකේ OS එකට අදාළ version එක download කරගන්න.
ඊට පස්සෙ python-2.7.3.msi file එක double click කරන්න.
Run button එක ඔබන්න.
Next ඔබන්න.
Next ඔබන්න.
Next ඔබන්න.
Next ඔබන්න.
Finish ඔබන්න.
හරි. දැන් python install වෙලා ඉවරයි. ඊළගට තියෙන්නෙ පුංචි configuration එකක් කරන්න. ඒ තමයි system path variable set කරන එක. අපි python command එකක් command prompt එක්ෙ type කරාම ඒක execute කරන්න ඕන කරන program එක තමයි python.exe. command prompt එකට අපි කලින් කියල තියන්න ඕනෙ python.exe තියෙන්නෙ කොතනද කියල.
මුලින්ම system properties window එක open කරගන්න. windows 7, windows 8 දෙකේ ම ඔයාට search එකක් කරල මේ window එක open කරගන්න පුළුවන්.
Environmental Variables click කරන්න.
User Variables set එකේ PATH select කරල Edit click කරන්න.
දැන් open වුණු window එකේ Variable value යටතේ තියෙන path අගට ";C:\Python27" කියල එකතු කරන්න. OK කරන්න. වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. ඔයා install කලේ python වෙන version ඒකක් නම් 27 කියන ඉලක්කම ඒ්කට ගැළපෙන විදියට වෙනස් වෙන්න ඔ්නේ. C drive එකේ හැදෙන python folder එකේ නම තමයි එතනට දෙන්න ඕන.
හරි ඔන්න දැන් python install කරල ඉවරයි. check කරගන්න ඕනෙ නම් මං මුලින් ම කියපු test එක කරල බලන්නකො.
මොනා හරි python installation ගැටළුවක් තියෙනම් comment එකක් දාන්න.
අපි ඊළග පාඩමෙන් python program ලියන්න ඉගෙන ගනිමු.

දැන් ඔයාගෙන් "Do you want to allow this program to make changes?" කියල ප්‍රශ්නයක් අහයි. ඒක "yes" කියල click කරන්න.
හරි. දැන් python install වෙලා ඉවරයි. ඊළගට තියෙන්නෙ පුංචි configuration එකක් කරන්න. ඒ තමයි system path variable set කරන එක. අපි python command එකක් command prompt එක්ෙ type කරාම ඒක execute කරන්න ඕන කරන program එක තමයි python.exe. command prompt එකට අපි කලින් කියල තියන්න ඕනෙ python.exe තියෙන්නෙ කොතනද කියල.
මුලින්ම system properties window එක open කරගන්න. windows 7, windows 8 දෙකේ ම ඔයාට search එකක් කරල මේ window එක open කරගන්න පුළුවන්.
Environmental Variables click කරන්න.
User Variables set එකේ PATH select කරල Edit click කරන්න.
දැන් open වුණු window එකේ Variable value යටතේ තියෙන path අගට ";C:\Python27" කියල එකතු කරන්න. OK කරන්න. වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. ඔයා install කලේ python වෙන version ඒකක් නම් 27 කියන ඉලක්කම ඒ්කට ගැළපෙන විදියට වෙනස් වෙන්න ඔ්නේ. C drive එකේ හැදෙන python folder එකේ නම තමයි එතනට දෙන්න ඕන.
හරි ඔන්න දැන් python install කරල ඉවරයි. check කරගන්න ඕනෙ නම් මං මුලින් ම කියපු test එක කරල බලන්නකො.
මොනා හරි python installation ගැටළුවක් තියෙනම් comment එකක් දාන්න.
අපි ඊළග පාඩමෙන් python program ලියන්න ඉගෙන ගනිමු.
Sunday, December 7, 2014
Python සිංහලෙන් ඉගෙන ගනිමු.
ආයුබෝවන් යාලුවනේ,
මම අද ඉදන් ඔයාලට දන්න සිංහලෙන් Python වලින් පුංචි පුංචි program ලියන විදිය කියල දෙන්නයි හදන්නෙ.
පළවෙනි ප්රශ්නය: මොකක්ද මේ Python කියන්නේ?
Python කියන්නෙ general purpose, interpreted සහ high-level programming language එකක්.
general purpose කියන්නෙ Python පවිච්චි කරල අපිට ගොඩක් application domainsවල වැඩ කරන්න පුළුවන්. application domain එකක් කියන්නෙ අපි ලියන software එක run වෙන environment එක. ඒක windows, linux, ubuntu වෙන්න පුළුවන්.
interpreted කියන්නෙ අපි ලියන source code එක එක පාරින්ම machine code එකට python හරවන්නෙ නෑ. source code එක්ෙ line එකෙන් line එක තමයි python වලදි machine code එකට හරවන්නෙ. ඒත් C වගේ compiled programming language එකක් ගත්තොත් ඒකෙදි අපි ලියන source code එක පාරින්ම executable machine code එකක් බවට පත් වෙනවා. program එක ආයි run කරන්න source code එක ඔින වෙන්නෙ නෑ. executable file එක තිබුණම ඇති.
high-level programming language එකක් කියන්නෙ මොකක්ද කියල ඉතින් ඔයාල දන්නවනෙ. human-readable code එකක් ලියන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නෙ.
දෙවෙනි ප්රශ්නය: ඇයි python use කරන්නෙ?
pythonවල compilation step එකක් නැති නිසා ගොඩක් programmersල pythonවලට කැමතියි. වෙලාව ඉතිරි වෙන නිසා. ඒ වගේම debug කරන්නත් ලේසියි. කවදාවත් program එකේ bug එකක්වත් program ඒකට දීපු වැරදි input එකක්වත් segmentation fault (ඒ කියන්නෙ වැරදි memory address access කිරීමක්) එකක් දෙන්නෙ නෑ. interpreter එකෙන් වරදක් හොයා ගනිපු ගමන් exception එකක් generate කරනවා. ඒ කියන්නෙ එයා program එක වැරදියි කියල කියනවා. වරද ගැනත් විස්තර ටිකක් කියනවා.
එහෙම බැරි උණොත් එයා program එකේ execution වෙලාවෙ stack trace එක print කරනවා. ඒ කියන්නෙ memory එක use වුණු විදිය.
මම ඊළග පාඩමෙන් ඔයාලට python install කරගන්න විදිය කියල දෙන්නම්.

Subscribe to:
Posts (Atom)