ආයුබෝවන් යාලුවනේ,
මම අද ඉදන් ඔයාලට දන්න සිංහලෙන් Python වලින් පුංචි පුංචි program ලියන විදිය කියල දෙන්නයි හදන්නෙ.
පළවෙනි ප්රශ්නය: මොකක්ද මේ Python කියන්නේ?
Python කියන්නෙ general purpose, interpreted සහ high-level programming language එකක්.
general purpose කියන්නෙ Python පවිච්චි කරල අපිට ගොඩක් application domainsවල වැඩ කරන්න පුළුවන්. application domain එකක් කියන්නෙ අපි ලියන software එක run වෙන environment එක. ඒක windows, linux, ubuntu වෙන්න පුළුවන්.
interpreted කියන්නෙ අපි ලියන source code එක එක පාරින්ම machine code එකට python හරවන්නෙ නෑ. source code එක්ෙ line එකෙන් line එක තමයි python වලදි machine code එකට හරවන්නෙ. ඒත් C වගේ compiled programming language එකක් ගත්තොත් ඒකෙදි අපි ලියන source code එක පාරින්ම executable machine code එකක් බවට පත් වෙනවා. program එක ආයි run කරන්න source code එක ඔින වෙන්නෙ නෑ. executable file එක තිබුණම ඇති.
high-level programming language එකක් කියන්නෙ මොකක්ද කියල ඉතින් ඔයාල දන්නවනෙ. human-readable code එකක් ලියන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නෙ.
දෙවෙනි ප්රශ්නය: ඇයි python use කරන්නෙ?
pythonවල compilation step එකක් නැති නිසා ගොඩක් programmersල pythonවලට කැමතියි. වෙලාව ඉතිරි වෙන නිසා. ඒ වගේම debug කරන්නත් ලේසියි. කවදාවත් program එකේ bug එකක්වත් program ඒකට දීපු වැරදි input එකක්වත් segmentation fault (ඒ කියන්නෙ වැරදි memory address access කිරීමක්) එකක් දෙන්නෙ නෑ. interpreter එකෙන් වරදක් හොයා ගනිපු ගමන් exception එකක් generate කරනවා. ඒ කියන්නෙ එයා program එක වැරදියි කියල කියනවා. වරද ගැනත් විස්තර ටිකක් කියනවා.
එහෙම බැරි උණොත් එයා program එකේ execution වෙලාවෙ stack trace එක print කරනවා. ඒ කියන්නෙ memory එක use වුණු විදිය.
මම ඊළග පාඩමෙන් ඔයාලට python install කරගන්න විදිය කියල දෙන්නම්.
No comments:
Post a Comment