Wednesday, December 17, 2014

Python Install කරමු.

Python install කරගන්න එක හරිම ලේසි වැඩක්.මුලින් ඔයාගෙ machine එකේ python දැනටමත් install කරලා තියෙද කියල බලන්න ඕනේ. මොකද දැන් සමහර Operating systemවල python install කරලම තියනෙ නිසා.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. මුලින් ම, command prompt එක open කරලා python --version කියලා type කරන්න. එතකොට machine එකේ දැනටමත් python install කරල තියෙනවා නම් ඒ python installation එකේ version එක ඔයාට බලාගන්න පුළුවන්.



හරි. දැන් එහෙම බැලුව ම ඔයාගේ machine එකේ python install කරලා නැත්නම් මොකද කරන්නෙ?
අපි python install කරමු.

මුලින් ම මේ link එකට ගිහින් python 2.7 version එක download කරගන්න. මම ම්‍ෙ පාඩම් වලට පාවිච්චි කරන version එක තමයි ඒ. version එක වෙනස් වුණා කියල ලොකු වෙනස් කමක් වෙන්නෙ නෑ.


ඔයා පාවිච්චි කරන machine එකේ OS එකට අදාළ version එක download කරගන්න.

ඊට පස්සෙ python-2.7.3.msi file එක double click කරන්න.


Run button එක ඔබන්න.


Next ඔබන්න.



Next ඔබන්න.


Next ඔබන්න.
 

Next ඔබන්න.
දැන් ඔයාගෙන් "Do you want to allow this program to make changes?" කියල ප්‍රශ්නයක් අහයි. ඒක "yes" කියල click කරන්න.
 
 Finish ඔබන්න.

හරි. දැන් python install වෙලා ඉවරයි. ඊළගට තියෙන්නෙ පුංචි configuration එකක් කරන්න. ඒ තමයි system path variable set කරන එක. අපි python command එකක් command prompt එක්‍ෙ type කරාම ඒක execute කරන්න ඕන කරන program එක තමයි python.exe. command prompt එකට අපි කලින් කියල තියන්න ඕනෙ python.exe තියෙන්නෙ කොතනද කියල.

මුලින්ම system properties window එක open කරගන්න. windows 7, windows 8 දෙකේ ම ඔයාට search එකක් කරල මේ window එක open කරගන්න පුළුවන්.


Environmental Variables click කරන්න.


User Variables set එකේ PATH select කරල Edit click කරන්න.


දැන් open වුණු window එකේ Variable value යටතේ තියෙන path අගට ";C:\Python27" කියල එකතු කරන්න. OK කරන්න. වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. ඔයා install කලේ python වෙන version ඒකක් නම් 27 කියන ඉලක්කම ඒ්කට ගැළපෙන විදියට වෙනස් වෙන්න ඔ්නේ. C drive එකේ හැදෙන python folder එකේ නම තමයි එතනට දෙන්න ඕන.

හරි ඔන්න දැන් python install කරල ඉවරයි. check කරගන්න ඕනෙ නම් මං මුලින් ම කියපු test එක කරල බලන්නකො.

මොනා හරි python installation ගැටළුවක් තියෙනම් comment එකක් දාන්න.

අපි ඊළග පාඩමෙන් python program ලියන්න ඉගෙන ගනිමු.

No comments:

Post a Comment